දුමින්ද සිල්වා නිදහස් - බන්ධනාගාරයෙන් පිටව යයි | Duminda Silva - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 24, 2021

දුමින්ද සිල්වා නිදහස් - බන්ධනාගාරයෙන් පිටව යයි | Duminda Silva

දුමින්ද සිල්වා නිදහස්

මරණ දඬුවම සිදුවීම් වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා විසින් මේ බව තහවුරු කළේය.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාද කියා සිටියේ සමාව ලද දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යාමට නියමිත බවයි.

මහාධිකරණය විසින් 2016 සැප්තැම්බර් මාසයේ දී ඔහුට මරණ දඬුවම නියම කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමිනි.

මේ අතර ජනාධිපති සමාව හිමි වූ දුමින්ද සිල්වා මහතා වීට ටික වේලාවකට පෙර බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad