"මට බෝම්බ ගහන්න උදව් කරපු තරුණයවත් නිදහස් කරන්න" - ෆොන්සේකා නාමල්ට කියයි (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

"මට බෝම්බ ගහන්න උදව් කරපු තරුණයවත් නිදහස් කරන්න" - ෆොන්සේකා නාමල්ට කියයි (video)

දීර්ඝ කාලයක් සිරදඩුවම් විඳිමින් සිටින සහ චෝදනා ගොණුකිරීමකින් තොරව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින LTTE සැකකරුවන්ට යම් සාධාරණයක් ඉටුකිරීමට රජය මැදිහත්විය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

ඒ සදහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.


අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයෙන් පසුව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාව තමන්ද අනුමත කරන බවත් දැනට බන්ධනාගාරගතව සිටින එල් ටී ටී ඊ සැකකරුවන් මේ දක්වා ගෙවූ දඩුවම ප්‍රමාණවත් බවත් මන්ත්‍රිවරයා සදහන් කළේ උදාහරණ කිහිපයක්ද පෙන්වා දෙමින්.


No comments:

Post a Comment

Post Bottom Ad