ආයුර්වේද ප්‍රතිකාර ලබන එකම කොරෝනා රෝගියෙක්වත් මිය ගිහින් නැහැ - සිසිර ජයකොඩි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

ආයුර්වේද ප්‍රතිකාර ලබන එකම කොරෝනා රෝගියෙක්වත් මිය ගිහින් නැහැ - සිසිර ජයකොඩි (VIDEO)

ආයුර්වේද ප්‍රතිකාර ලබන එකම කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් හෝ මෙතක් මිය ගොස් නැති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේය. 

ඒ, අද (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට ආයුර්වේද රෝහල් තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිරීමට ඉඩ ලබා දී තිබෙන අතර මධ්‍යම රජයට අයත් සියලුම් රෝහල් මෙන්ම ශික්ෂණ රෝහල් තුළද එම ප්‍රතිකාර සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. 

''මෙහිදී දේශීය චිකිත්සක ක්‍රම සම්බන්ධයෙන් කාර්ය සාධක කණ්ඩායමක් පත් කර තිබෙනවා. දිනෙන් දින එමඟින් නව ඖෂධ ඉදරිපත් වෙමින් තිබෙනවා. වෙළෙඳ පොළෙනුත් දැන් දේශීය ඖෂධ ලබා ගැනීමට හැකියි. මධ්‍යම රජයට අයත් ආයුර්වේද රෝහල්, ශික්ෂණ රෝහල් ඇතුළුව කොවිඩ් ආසාදිත රෝගීන්  සඳහා ප්‍රතිකාර ලබා දෙමින් තිබෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල්වලින් තමයි අපට එම සහය ලැබෙන්නේ නැත්තේ.'' 

මේ වන විට බටහිර ප්‍රතිකාර කරන රෝහල්වල පවා දේශීය ඖෂධ ලබාදීම සිදුවෙන අතර මේ කාලය තුළ දේශීය වෛද්‍ය ක්‍රමයේ පුනර්ජීවනයක් ලබා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී. 

No comments:

Post a Comment

Post Bottom Ad