ලොකු මිනිස්සුන්ට බදු සහන පොඩි මිනිස්සුන්ට බඩගින්න - ජනතාවගේ ගැටලු නිරාකරනය කරන්න ආණ්ඩුවේ කිසි සැලසුමක් නෑ - පළමු දිනයේම රනිල්ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක් [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

ලොකු මිනිස්සුන්ට බදු සහන පොඩි මිනිස්සුන්ට බඩගින්න - ජනතාවගේ ගැටලු නිරාකරනය කරන්න ආණ්ඩුවේ කිසි සැලසුමක් නෑ - පළමු දිනයේම රනිල්ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක් [VIDEO]


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු අද දිනයේ ම පාර්ලිමේන්තුව ඇමතීය.

ඔහු කියා සිටියේ අද වන විට රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවත් ඉන් ගොඩ ඒමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කිරීම බවත්ය.

අතීතය ගැන කතා කිරීමෙන් රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගත නොහැකි බවද පැවසූ ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමට රජය අකමැති නම් විකල්පය කුමක්දැයි හෙළි කරන්න ඉල්ලා සිටියේය.

වත්මන් ආර්ථික අර්බුදයට හේතුව පවතින කොරෝනා වසංගත තත්ත්වය බවත් එය පාලනය සඳහා පත් කර ඇති කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඔහු තවදුරටත් කියා සිටියේය.

දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක් වන හමුදාපතිවරයාට කොරෝනා මර්ධය කිරීමේ ප‍්‍රධානත්වය දැරිය නොහැකි බවත් ඔහු පැවසීය.

ඔහු යෝජනා කලේ කොරෝනා පාලනය ව්‍යවස්ථානුකූලව කැබිනට් මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරයා සහ ඇමැතිවරුන් විසින් භාරගෙන සිදුකළ යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad