හමුදාපතිටයි-හමුදාවටයි පහර දී රනිල් වැඩ අල්ලයි! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

හමුදාපතිටයි-හමුදාවටයි පහර දී රනිල් වැඩ අල්ලයි! (video)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව සිදු කළ සිය පළමු කතාවේදීම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාටත්, හමුදාවටත් පහර දෙමින් සිය කතාව සිදු කිරීමට පියවර ගෙන තිබිණ. මෙවැනි තත්ත්වයකදී රට පාලනය කළ යුත්තේ කැබිනට් මණ්ඩලය මිස හමුදාපතිවරයා නොවන බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව කී රනිල් වික්‍රමසිංහ මහතා මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවද පැවසීය.

ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ගෙන නොයන ලෙස කී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවද සඳහන් කළේය’.


No comments:

Post a Comment

Post Bottom Ad