ශ‍්‍රී ලංකාව අන්තිම ගැට්ටේ.. තව ලොක්ඩවුන් එකකින් රට බංකොලොත් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

ශ‍්‍රී ලංකාව අන්තිම ගැට්ටේ.. තව ලොක්ඩවුන් එකකින් රට බංකොලොත් - (video)

නැවතත් රට වසා දැමීමට සිදු වුවහොත් ශ්‍රී ලංකාව බංකොලොත් වනු ඇතැයි ප‍්‍රකට ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි.

රට වසා දැමූවද රටේ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා සංචිත වලින් මුදල් වියදම් කිරීමට සිදුවන නිසා මෙම තත්වය උදා වන බව ද ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව සතුව දැනට ඇති සංචිත ප්‍රමාණයද ඉතා සීමිත නිසා ආර්ථික ක්‍රියාවලිය සිදු කරන අතරවාරයේම වෛරසය පාලනය කිරීමද සිදු කළ යුතු බවද ඒ මහතා කියා සිටී.

එනිසා මෙම අවස්ථාවේ ඉතා වගකීමෙන් කටයුතු කිරීම ජනතාවගේ ද කාර්යයක් බව ද ඔහු ගුවන්විදුලි සේවයක් සමඟ එක්වෙමින් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad