ආණ්ඩුවේ අධිකාරියක ලොක්කාට කෝටි 8ක වාහනයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

ආණ්ඩුවේ අධිකාරියක ලොක්කාට කෝටි 8ක වාහනයක් !

රජයට සම්බන්ධ අධිකාරියක ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැයකර පාවිච්චි කළ වාහනයක් වහාම මිල දී ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සුඛෝපභෝගී වාහන ගෙන්වීම රජය මගින් අත්හිටුවා තිබෙන නිසාත්, අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමේ අපහසුවක් නිසා මෙම අධිකාරිය යටතේ පවත්නා රාජ්‍ය සමාගමක් මෙම සභාපතිවරයා සඳහා වාහනය මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

මෙම ආයතනයේ සභාපතිවරයා සඳහා 2014 වර්ෂයේ දී ප්‍රාඩෝ රථයක් ලබා ගෙන ඇති අතර තවමත් හොඳ තත්ත්වයේ තිබෙන එම වාහනය ඔහු පාවිච්චි කරන බවද දැනගන්නට ඇත.

සභාපතිවරයා වෙනුවෙන් වාහනය මිල දී ගැනීමට යන රාජ්‍ය ආයතනය රුපියල් බිලියන ගණනින් ණයක් ගෙවීමට තිබිය දී සභාපතිවරයාට වාහනයක් මිලදී ගැනීමට මෙතරම් මුදලක් වියදම් කිරීම ගැන වෘත්තීය සමිති දැඩි විරෝධය එල්ල කර ඇති බවද සඳහන් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad