මම ලියපු ලිපියේ තිබුනේ තෙල් මිල වැඩි කිරීම ගැන නෙමෙයි... වෙනත් කාරණයක් – සාගර කාරියවසම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

මම ලියපු ලිපියේ තිබුනේ තෙල් මිල වැඩි කිරීම ගැන නෙමෙයි... වෙනත් කාරණයක් – සාගර කාරියවසම්

පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් ඉන්ධන මිල සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිලට ලියූ ලිපියේ ඉන්ධන මිල වැඩි වීම සම්බන්ධයෙන් සඳහන් නොකළ බවත් ඉන්ධන මිල වැඩිවීම වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ලියා තිබූ බවත් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා.

නමුත්, ඉන්ධන මිළ වැඩි කිරීමට අදාළව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් පක්ෂය දැරූ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

කෙසේවෙතත් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී කටයුතු කල යුතු ආකාරය පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියාසිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad