ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැක්කාම බොහෝම කලකිරෙනවා - සංගක්කාර විදෙස් මාධ්‍යයට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැක්කාම බොහෝම කලකිරෙනවා - සංගක්කාර විදෙස් මාධ්‍යයට කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් හැසිරෙන ආකාරය බොහෝ කලකිරවන සුලු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ එංගලන්තයේදී ‘ස්කයි’ රූපවාහිනී සේවයේ විස්තර විචාරක වූ වශයෙන් කටයුතු කරමින් සිටියදීය.

ශ‍්‍රී ලංකා එංගලන්ත පලමු එක්දින තරගයෙන් අනතුරුව රූපවාහිනි සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට කඩාවැටීමට ප්‍රධාන හේතු වී ඇත්තේ දේශීය ක්‍රිකට් තරඟාවලියේ පවතින දුර්වල තත්ත්වය බවද ඔහු එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාව ලෝකය තුළ සාර්ථක කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණ නම් දේශීය තරගවලින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් නිර්මාණය කරන ආකාරයට වෙනස් විය යුතු බවද ඔහු තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad