යකඩ හොරා කෑ එජාප මන්ත්‍රීවරුන් දෙදෙනා විශ්වාසභංගයෙන් පරාදයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

යකඩ හොරා කෑ එජාප මන්ත්‍රීවරුන් දෙදෙනා විශ්වාසභංගයෙන් පරාදයි !

කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර වී වේලන යන්ත‍්‍රයක් යකඩ බඩු කඩයකට විකිණීමේ සිද්ධියකට අදාළ කොළොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවක් අද බහුතර ජන්දයෙන් සම්මත වී තිබේ.

මෙම විශ්වාසභංගය ඉදිරිපත් වී තිබුණේ කොළොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්තී‍්‍රවරුන් වන සුදත් සේනක සහ ජානක නාවුල්ල යන මන්තී‍්‍රවරුන් දෙදෙනා ය.

මෙහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 5 දෙනාත්, සමගි ජන බලවේගය නියෝජනය කරන එජාපයේ මන්ත්‍රීවරුන් පස්දෙනාත් විශ්වාසභංගයට පක්ෂව ජන්දය ලබා දී ඇති අතර එජාප මන්ත්‍රීවරුන් 5 දෙනකු ඊට විරුද්ධව ජන්දය ලබා දී තිබේ. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තිදෙනා ජන්දය දීමෙන් වැළකී සිට ඇති අතර නගරාධිපතිවරයාද ජන්දය ලබා දීමෙන් වැළකී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad