ගම්මන්පිල බලශක්ති ඇමති ධුරයෙන් ඉවතට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

ගම්මන්පිල බලශක්ති ඇමති ධුරයෙන් ඉවතට !

නුදුරේදීම සිදුවනු ඇති ඇතැයි කියන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් කොට ඇතැයි සති අන්ත මවුරට පුවත්පත වාර්තා කරයි.

ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්දව අමාත්‍යවරයාට එරෙහිව දැනට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව මේ හරහා බලරහිත කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇතැයි ද එම වාර්තාවේ ද දැක්වෙයි.

බලශක්ති ඇමති ධුරයෙන් ඉවත් කළ ගම්මන්පිල මහතාට වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි ද සඳහන්ය.

මේ සමගම අමාත්‍යංශය කිහිපයකම විෂය පථයන් ගණනාවක් වෙනස් කිරීමට ආණ්ඩුව තුල සාකච්ඡා කරමින් ඇතැයිද වැඩිදුරටත් එම වාර්තාවේ සඳහන් වෙයි.

මෙටර නව ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සදහා ඩොලර් බිලියන 03 ඉක්වමු ව්‍යාපෘති ටෙන්ඩරය ලබා දෙන ලෙස ඇමරිකාව විසින් ඇමතිවරයාට බලපෑම් කර ඇතැයි පසුගියදා වාර්තා පල විය.


No comments:

Post a Comment

Post Bottom Ad