විමල්ගේ අමාත්‍යාංශයෙන් තවත් කොටසක් ගලවයි? | wimal weerawansa - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 3, 2021

විමල්ගේ අමාත්‍යාංශයෙන් තවත් කොටසක් ගලවයි? | wimal weerawansa


විමල් වීරවංශ මහතා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයෙන් තවත් කොටසක් ඉවත් කිරීමට නියමිතව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

එසේ ඉවත් කිරීමට දැනට සාකච්ඡා සාකච්ඡා කරමින් ඇත්තේ කහටගහ ග්‍රැෆයිට් සමාගම යයි ද වාර්තාවේ දැක්වේ.

මීට පෙර විමල් වීරවංශ මහතාගේ අමාත්‍යංශය යටතේ තිබූ එප්පාවල පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරනු ගනු ලැබීය.

සමීප දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ එම වාර්තාව තවදුරටත් සඳහන් කර ඇත්තේ ඇමරිකානු සමාගමක් විසින් කහටගහ පතල සඳහා ඉහළ වටිනාකමක් ඇති ලංසුවක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව කහටගහ පතල කර්මාන්ත අමාත්‍යංශයෙව් නුදුරේදීම ඉවත් කිරීමට නියමිතව ඇතැයිද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad