"ඇමති එක්ක බෑ.. අසභ්‍ය වචනෙන් බනිනවා…" - සභාපති ඉල්ලා අස්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

"ඇමති එක්ක බෑ.. අසභ්‍ය වචනෙන් බනිනවා…" - සභාපති ඉල්ලා අස්වෙයි

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ මහින්ද විදානපතිරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත තම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ බලපෑම හමුවේ තමන්ට තවදුරටත් රාජකාරි කළ නොහැකි බවයි.

තමනට ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා මාස කිහිපයක් තිස්සේ වරින් වර පැවසීම කිරීම හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ලිඛිතව කරුණු පැහැදිලි කිරීමට ඒ මහතා සූදානමින් සිටී.

රාජ්‍ය ඇමතිවරයා තමනට අසභ්‍ය වචනයෙන් බැන වැදෙන බවද ඔහු පවසා ඇති බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad