පොහොර නෑ කියා මට විරුද්ධව උද්ඝෝෂණය කරන්න ගොවීන්ට අයිතියක් නෑ – පොරොන්දු අමතක වු ජනපති කියයි (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

පොහොර නෑ කියා මට විරුද්ධව උද්ඝෝෂණය කරන්න ගොවීන්ට අයිතියක් නෑ – පොරොන්දු අමතක වු ජනපති කියයි (video)

තමාට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ගොවීන්ට සාධාරණ අයිතියක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රටපුරා මේදිනවල තම වගාවට පොහොර නොමැතිව වගාවන් පාළුවන ගොවීන් උද්ඝෝෂණ වල නිරතවන අතර ඒ පිළිබදව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලදි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජිත හමුවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“සමහර අය පෙන්නන්න හදනවා අපි ආපස්සට යන ගමනක් කියලා. අද කාබනික පොහොර ඉහළ තැනක පවතිනවා. මුළු ලෝකයේම එතැනට තමයි යන්නේ. ඒක ආපස්සට යෑමක් නෙමෙයි. ඉදිරියට යෑමක්. අපි දන්නවා කාබනික පොහොරවලට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පොහොරවලින් හදපු ආහාර. ඒවා කාලා අනිත් අයට කවන්න හදනවා වස විස දාලා හදපු කෑම. මගේ ආරක්ෂක අංශයේ ඉන්න හුඟාක් අය ගෙන්නුවේ ගම්බද ප්‍රදේශවලින්. මම දන්නවා ඒ අයගේ පවුල්වල තියෙන ප්‍රශ්න. අම්මා, තාත්තා, පොඩි අයට පවා වකුගඩු රෝග. පිළිකා රෝග. මේවාගෙන් කවුද දුක්විදිනේනේ. ගොවියා… එදා යම්කිසි මුදලක් පොහොරවලට ගෙව්වා ඒක අද නොමිලේ හම්බ වුණා. එදා රුපියල් 30ට වත් විකුණ ගන්න බැරිව විශාල මෝල් හිමියන් ගත්තේ රු 25 – 28 ගත්තේ වී. අද අපි රු 50ක සහතික මිලක් දීලා තියෙන වෙලාවේ 50, 60, 70ත් වී විකුණනවා. ඒක ගොවියාට යනවා නම් කමක් නෑ. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහත්තයෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නෑ.“

කෙසේ වෙතත් ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබාදෙන බව ජනාධිපතිවරණයේදී මැතිවරණ වේදිකාවක් වේදිකාවක් ගානේ ගෝඨාභය රාජපක්ඹ මහතා පොරොන්දු වු අතර බලයට පැමිණි පසු යම් ප්‍රමාණයකට කප්පාදු කරමින් පොහොර ලබාදුන්නද පසුගිය කන්න දෙක මෙන්ම මෙවර මහ කන්නය සදහාද මුදල් ගෙවා හෝ පොහොර ලබාගැනීමට ගොවීන්ට නොහැකිවී ඇත.

මේ එදා ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා පොහොර පිලිබද දක්වන ලද අදහස්..


පොහොර නොමැතිවීම හේතුවෙන් දැඩි පීඩාවට පත් වී , එළවළු, පලතුරු, තේ , රබර් , පොල් ආදී වගාකරන දිවයිනේ විවිධ ප්‍රෙද්ශවල ගොවීන් මේ දිනවල කොරෝනා වසන්ගත ත්ත්වයද නොතකමින් උද්ඝෝෂණ වල නිරතව සිටී.

මේ අද වැලිමඩ ප්‍රෙද්ශයේ පැවති අල ගොවි උද්ඝෝෂණයක්.

No comments:

Post a Comment

Post Bottom Ad