ශානි අබේසේකර විශ්‍රාම යයි – ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

ශානි අබේසේකර විශ්‍රාම යයි – ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලියයි

වසර 35 ක විශිෂ්ඨ සේවා කාලයක් අවසන් කරමින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ(30) සිය 60 වන ජන්ම දිනය දා සේවයෙන් විශ්‍රාම ගියා. මෙරට ප්‍රධාන අපරාධ රැසක විමර්ශණ මෙහෙයවූ ඒ මහතා 2020 වසරේදී බොරු සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට පත්වූ අතර පසුව අභියාචනාධිකරණය විසින් ඇප නියම කරන ලදි.

සංවිධානාත්මක අපරාධ කල්ලි රැසකින් ඒ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ජීවිත වලට තර්ජන එල්ල වී ඇති බැවින් හිටපු පොලිස්පතිවරයා විසින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයා තිබූ නමුත් 2019 නොවැම්බර් මස 21වනදා එම ආරක්ෂාව ඉවත් කිරීමට පියවර ගෙන ඇත. තමන් වෙත එම ආරක්ෂාව නැවත සපයා දෙන ලෙසට ශානි අබේසේකර මහතා විසින් පොලිස්පතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇතැයි අද “මව්බිම” පුවත්පත වාර්තා කර තිබේ.

ශානි අබේසේකර මහතාගේ සේවය සම්බන්ධයෙන් සිරස විසින් සකස් කල කෙටි පුවත් වාර්තාව පහතින් දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad