ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතුව තිබූ පෞරාණික වටිනාකම් සහිත භාණ්ඩ රැසක් පසුගිය කාලයේදී අතුරුදන් වී ඇති බව එම ආයතනයේ නව සභාපති හඩ්සන් සමරසිංහ මහතා පවසනවා. ගුවන්විදුලිය යනු මෙරට තිබෙන පෞරාණික වස්තුවක් බවත් එම ආයතනය තුළ මිල කළ නොහැකි පෞරාණික වස්තු ගණනාවක් තිබූ බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.
ඇතැම් භාණ්ඩ තරුණයන් තිහ-හතළිහකටවත් ඔසවාගෙන යා නොහැකි ඒවා බවත්, එම භාණ්ඩ යෝධයන් විසින් රැගෙන ගොස් ඇතැයි සැක සිතෙන බවත් ඔහු පවසනවා. ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට පෙර මෙම පෞරාණික භාණ්ඩ සොයා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්, ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කරන බවත් සමරසිංහ මහතා සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ පසුගිය කාලයේදී පල් හොරුන් අරක්ගත් ස්ථානයක් බවට පත්ව ඇති බවයි. සුනිල් ශාන්ත, පණ්ඩිත් අමරදේව වැනි සංගීතඥයන් භාවිතා කළ පියානෝ පවා අතුරුදන් වී ඇති බවත්, කෙසේ හෝ එම කෞතුක වස්තූන් සොයා ගැනීමට කටයුතු කරන බවත් පෙන්වා දෙන හඩ්සන් සමරසිංහ මහතා පවසන්නේ කුමන බාධක පැමිණියද තමන් නොබියව ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
හඩ්සන් සමරසිංහ මහතා ඊයේ (30) සභාපති තනතුරේ වැඩ භාරගත් අතර මෙතෙක් සභාපතිවරයා ලෙස කටයුතු කළ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.


No comments:
Post a Comment