රටේ සිදුවන දේවල් ගැන මං කලකිරීමෙන් - කර්මාන්ත ලේකම් දයා රත්නායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

රටේ සිදුවන දේවල් ගැන මං කලකිරීමෙන් - කර්මාන්ත ලේකම් දයා රත්නායක

රට තුළ මේ වනවිට සිදුවන කටයුතු ගැන තමන් කලකිරීමෙන් පසුවන බව වත්මන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.

නෙත් ගුවන්විදුලිය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කර ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුවයි.

වරාය අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඒ මහතා පත්කර තිබේ.

කිසිදු උත්සවයකින් තොරව ඔහු පසුගිය සදුදා දිනයේ ඒ මහතා එහි රාජකාරි භාරගෙන තිබේ.

නෙත් ගුවන් විදුලිය කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් රටට යුතුකමක් ඉටු කිරීමේ අරමුණින් එම තනතුර බාර ගත් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad