පාඩුයි කියන ලිට්‍රෝ ගෑස් ප්‍රචාරණයට ‌විතරක් කෝටි 50ක් වෙන්කරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

පාඩුයි කියන ලිට්‍රෝ ගෑස් ප්‍රචාරණයට ‌විතරක් කෝටි 50ක් වෙන්කරලා!

මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ප්‍රධානම සමාගම වන ලිට්‍රෝ ගැස් සමාගම 2021 වසර සදහා රුපියල් කෝටි 50ක මුදලක් ප්‍රචාරක වියදම් සඳහා පමණක් වෙන් කර ඇතැයි හෙළි වී ඇත.

ගෑස් මිල සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කරන ලද ඇමැති අනුකමිටුවේ දී මෙම තොරතුරු හෙළිවී තිබේ.

දැනට ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් අලෙවියෙන් ලබන අලාභය ප්‍රචාරක වියදම් නතර කර දැමීම මගින් අවම කිරීමට හැකිවන බව ඇමති අනු කමිටුව පවසා ඇත.

සමාගම් දෙකේම ගෑස් මිල ගනන් සමානව තිබිය දී ප්‍රචාරණය සදහා අති විශාල මුදලක් වෙන් කිරීම අනවශ්‍ය කටයුත්තකැයි ද කැමති අනු කමිටුව විසින් සමාගමට දැනුම් දී තිබේ.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad