හෙද ගැටළුවලට විසදුම් ඉල්ලූත් විසදුම් නොලැබුණු නිසා තමන්ට වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට සිදු වූ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. තමන් විසින් ඉදිරිත් කර තිබෙන ඉල්ලීම්වලට තවදුරටත් කන් නොදෙන්නේ නම්, ජූලි හත්වන දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව ද උන් වහන්සේ පවසා තිබුණි.
මේ අතර හෙද සංගම් විසින් ප‍්‍රකාශයට පත් කර තිබුණු වෘත්තීය කි‍්‍රයාමාර්ගය පිළිබදව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඔවුන්ගේ විරෝධය ප‍්‍රකාශ කර තිබුණි. ඊට අමතරව, මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට එරෙහිව විනය පියවර ගන්නා ලෙසද එම සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබුණි.
මෙම චෝදනාවට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසා තිබුෙණේ, වෘත්තීය කි‍්‍රයාමාර්ග ගනිමින් තමන්ගේ සෑම අයිතිවාසිකමක් ම දිනාගෙන තිබෙන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය හෙද වෘත්තීය කි‍්‍රයාමාර්ග විවේචනය කිරීම විහිළුවක් බවයි.
එමෙන්ම රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හොරිකඩ සංවිධානයක් බවද උන් වහන්සේ පවසා සිටිති.
කෙසේ වෙතත්, ඊයේ දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ නියෝජිතයන් හමු වුණු අතර, ඔවුන් ඉදිරිපත් කර තිබුණු ඉල්ලීම් හතෙන් ඉල්ලීම් පහකට යහපත් ප‍්‍රතිචාර දක්වා තිබුණි.


No comments:
Post a Comment