කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹට ආසන්න රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අන්තර්ජාලය හරහා එම දැරියව ලබාගෙන අපයෝජනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම පුද්ගලයින් දෙදෙනා ද සමග මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක එම දැරියව ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 7 වනදා ගල්කිස්ස පොලීසිය මගින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබූ එම දැරියව ලබාගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad