දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි - හර්ෂ ද සිල්වා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි - හර්ෂ ද සිල්වා

ෆිච් රේටිං ආයතනය මෙරට බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීම සමග ශ්‍රී ලංකාව විශාල විනිමය අර්බුදයකට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව දැන් පවතින තත්ත්වයෙන් ද පහළට ඇද වැටුණු ඇතැයිද පවසන මන්ත්‍රීවරයා ඒ හරහා විශාල කලබලයක් ඇති වනු ඇතැයිද කියා සිටියේය.

මෙරට බැංකු පද්ධතිය රජයේ ඩොලර් ණය ලබාගෙන තිබීම නිසා සමස්ත බැංකු පද්ධතියම මෙසේ ඉතා ඉහළ අවධානයට ලක් වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙය රටක් ලෙස ඉතිහාසයේ දැවැන්තම විනිමය අර්බුදයට ගමන් කරමින් සිටීමක් බවද ඒ මහතා පැවසීය.

මේ සඳහා තමන් දකින හොඳම කෙටිකාලීන විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගීතාවය එකට යමු බවද ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad