කෝට්ටේ පොහොට්ටු නගරාධිපතිට මහපාරෙදි මැහුම් 13ක් දාගන්න ගහලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 5, 2021

කෝට්ටේ පොහොට්ටු නගරාධිපතිට මහපාරෙදි මැහුම් 13ක් දාගන්න ගහලා!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මහතාට ඊයේ (04) පිටකෝට්ටේ ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව ඇත.

වාහන තදබදයක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පුද්ගලයන් දෙදෙනෙක් එක්ව පහර දීම සිදු කර ඇති අතර තුවාල ලැබූ නගරාධිපතිවරයා රෝහල් ගත කර මැහුම් 13ක් දමා ඇති බව මිරිහාන පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad