යොහානිගේ හඩට කෝටි 5ක් වහ වැටෙති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 23, 2021

යොහානිගේ හඩට කෝටි 5ක් වහ වැටෙති!

යොවුන් කළා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් කෝටි 5 කට අධික සංඛ්‍යාවක් ඊයේ (23) පස්වරුව වන විට නරඹා තිබේ. ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය 51,827,625 ක් නරඹා තිබීම කැපී පෙනුණි.

ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට ‘යූටියුබ්’හි මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්ත ‘යූටියුබ්’ පරිශිලකයන් සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී තිබේ.

යොහානි ද සිල්වා, ශ්‍රී ලංකාව කොටි ත්‍රාස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ ප්‍රධානී ලෙස අනගි සේවයක් කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ දියණිය වන්නීය.

එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා ගිණුම්කරණ උපාධියක් ලබා සිටින ඇය ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය සහ සන්තුෂ් සමඟ 2020 වසරේ ‘සිරිසඟබෝධි මාළිගාවේ’ ගීතය ගායනය කිරීමත් සමගින් ජනප්‍රිය වූවාය.


No comments:

Post a Comment

Post Bottom Ad