ගෝඨාභය දැන්ම රට වහන්න - ෆොන්සේකා ජනපතිට පණිවුඩයක් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

ගෝඨාභය දැන්ම රට වහන්න - ෆොන්සේකා ජනපතිට පණිවුඩයක් දෙයි

කොරෝනා මරණ සංඛ්‍යාව ඉලක්කම් තුනෙන් නවතා ගැනීමට නම් වහාම රට වසා දමන ලෙස හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

එම සටහන මෙසේය.

ගෝඨාභය, දැන්ම රට වහන්න!

දිනක මරණ ඉලක්කම් තුනෙන් නවතා ගමු. ඔබේ උද්දච්ච ක්‍රියා කලාපය නිසා ඩෙල්ටා ප්‍රභේදය දැන් ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස ගිල ගෙන තිබෙනවා. සැප්තැම්බරයේ දිනකට ඉලක්‌කම් 4ක මරණ රට නොවැසීමේ ප්‍රතිපල මත අත්විඳිය හැකි බව වෛද්‍ය විශේෂඥන් අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා අවම සති දෙකකටවත් වහාම රට වසා දමන්න. pfizer, moderna වැනි ශක්තිමත් එන්නතක් පමණක් තෙවන මාත්‍රාව ලෙස ජනතාවට ලබා දීමට දැන්ම සැලසුම් සකස් කරන්න.

– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –


No comments:

Post a Comment

Post Bottom Ad