දශ ලක්‍ෂයක් ජනතාව පාරට බසීවි.. එවිට නීති වැඩක් නෑ - මුරුත්තෙට්ටුවේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 23, 2021

දශ ලක්‍ෂයක් ජනතාව පාරට බසීවි.. එවිට නීති වැඩක් නෑ - මුරුත්තෙට්ටුවේ හිමි

අද වන විට රට තුළ ඇති වී තිබෙන වාතාවරනය මත ජනතාව ලක්ෂ දහයක් පමණ එකවර පාරට බැසීමට ඉඩක් ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එසේ දස ලක්ෂයක් දෙනා පාරට බැස්සහොත් නීතිරීති හෝ පරමාධිපත්‍යය ජනතාවට අදාළ නොවුණු ඇති බවද උන්වහන්සේ පැවසූහ.

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට දැවැන්ත මෙහෙයුමක් ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් සිදුකළ බවද පැවසූ වහන්සේ ඒ බව ජනාධිපතිවරයා දන්නවා දැයි තමන් නොදන්නා බවත් පැවසීය.

බීරි අලින්ට වීණා වයන්නා වැනි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

ජනාධිපතිවරයා නොමඟ යවමින් සිටින්නේ ඔහු වටා සිටින කේවට්ටයින් පිරිසක් බවත් ජනතාව බියට පත් කරන්නේ කේවට්ට උපදේහකයන් හා ඇමතිවරුන් බවත් උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad