මොඩර්නා එන්නත ගෙන්වීමට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් CIDයට පැමිණිල්ලක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 5, 2021

මොඩර්නා එන්නත ගෙන්වීමට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් CIDයට පැමිණිල්ලක්

"විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර මොඩර්නා එන්නත මෙරටට ගෙන ඒමට" එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (05) පැමිණිලක් ඉදිරිපත් කළහ.

මොඩර්නා එන්නතෙහි අතුරු ආබාධ හා ගැටලු සම්බන්ධයෙන් තැකීමක් නොකර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරින් එය අවිධිමත් ලෙස මෙරටට ගෙන්වා ඇති බව ජිනානන්ද හිමියෝ පැවසූහ.

ඒ් හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, දෙස් විදෙස් වෛද්‍ය විශේෂඥයින් විශාල පිරිසක් මොඩර්නා එන්නතෙහි අඩංගු අහිතකර සංඝටක හා ගැටලුකාරී තත්ත්වය පෙන්වා දී තිබූ බවය.

එවැනි තත්ත්වයකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිසි නියාමනයකින් තොරව එම එන්නත මෙරටට ගෙන ඒම හානිදායක බව උන් වහන්සේ පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව ද පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad