දිනකට ආසාදිතයන් සිය ගණනක් මිය යාම ආසන්නයේ - වෛද්‍ය විශේෂඥයෝ දන්වති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

දිනකට ආසාදිතයන් සිය ගණනක් මිය යාම ආසන්නයේ - වෛද්‍ය විශේෂඥයෝ දන්වති

දිනකට මියයන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ අවම වශයෙන් එක දිගටම දින දාහතරක සංචාරක සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.

එසේ ක්‍රියාත්මක කරන සංචරණ සීමා අතරමගදී බිඳ දැම්මට ලක් නොකළ යුතු බවද ඔහු කියා සිටියේය.

එළැඹෙන භයානක තත්ත්වයන් මගහැර ගැනීමට ඇති එකම අවස්ථාව වහාම දීර්ඝ සංචරණ සීමාවන් පැනවීම බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad