පැරාලිම්පික් රන් පදක්කම දිනූ දිනේෂ්ට උසස්වීමක් | Dinesh Priyantha - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 30, 2021

පැරාලිම්පික් රන් පදක්කම දිනූ දිනේෂ්ට උසස්වීමක් | Dinesh Priyantha


ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනූ යුද්ධ හමුදා සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට උසස්වීමක් ලබා දී තිබේ.

ඒ අනුව, ඔහු බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම උසස්වීම අද (30) පස්වරුවේ සිට ම ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා පැවසීය.

දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද (30) පෙරවරුවේ දිනා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පැරලිම්පික් ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය විය.

No comments:

Post a Comment

Post Bottom Ad