කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් 100 සඟවාගෙන සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
තම නොහැකියාව වසා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ඇඟිල්ල දිගු කිරීමට නින්දිත කටයුත්තක් බවත් පවසන ඔහු එන්නත්කරණය සැනකෙලියක් හෝ පුද්ගල ප්‍රවර්ධන වැඩසටහනක් නොවිය යුතු බවත් එය දශක ගණනාවක් පුරා මෙරට සෞඛ්‍ය සේවකයන් සාර්ථකව ඉටුකළ ලෝකයේම පැසසුමට ලක් වූ වැඩසටහනක් බවත් කියා සිටී.
මිලිටරිකරණය කෝටත් තෛලය නොවන බව පැහැදිලි බව ද පවසන ඒ මහතා ව්‍යවසනය තම ව්‍යාපාරයට හරවාගත් අතලොස්සක් නිසා අප විඳවමින් සිටින බවද සදහන් කර ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment