නිරෝධායන නොවන පවුලක කෙනෙකු මියගියොත් අද සිට PCR නැහැ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

නිරෝධායන නොවන පවුලක කෙනෙකු මියගියොත් අද සිට PCR නැහැ

නිරෝධායන නොවන පවුලක අයෙකු මියගියොත් අද සිට  PCR නැහැ

නිරෝධායනය නොවන පවුලක යම් පුද්ගලයකු මිය ගියහොත්, ඔහුගේ මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය විසින් මරණ පරීක්ෂකවරුන්ට පවරා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ලද දැනුම්දීමකට අනුව අධිකරණ අමාත්‍යාංශය එම පියවර ගෙන තිබේ.

නිරෝධායනය නොකළ යම් පවුලක සාමාජිකයකු නිවසේ දී හෝ ​රෝහලේ දී මියගිය හොත් එම මෘත දේහය පශ්චාත් මරණ පැවැත්වීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබීම හේතුවෙන් ඒවායෙහි ඇතිවන තදබදය අවම කිරීමේ අරමුණින් අදාළ පියවර ගෙන තිබිණි.

නමුත් යම් පුද්ගලයකු සැකකටයුතු අයුරින් මියගොස් තිබේ නම් හෝ සියදිවි නසාගෙන තිබේ නම් සුපුරුදු නීතිමය කටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad