තවත් රුසියානු සංචාරක බුබුලක් ලංකාවට ආවා - ඔවුනට පහසු වෙන්න සෞඛ්‍ය නීති ලිහිල් කල යුතුයි - උදයංග වීරතුංග | Udayanga Weeratunga - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 9, 2021

තවත් රුසියානු සංචාරක බුබුලක් ලංකාවට ආවා - ඔවුනට පහසු වෙන්න සෞඛ්‍ය නීති ලිහිල් කල යුතුයි - උදයංග වීරතුංග | Udayanga Weeratunga


සංචාරක බුබුල සංකල්පය යටතේ රුසියානු සංචාරකයන් 44 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලට පැමිණි බව රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ සංචාරකයන්ට පීඩාකාරී නොවන ආකාරයට ශ්‍රී ලංකා රජය සෞඛ්‍ය නිර්දේශ පහසු කළ යුතු බවයි.
ඒ මහතා තම සමාජය තබා ඇති සටහන මෙසේය.

“ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බවත් සංචාරකයන්ට ශ්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ මෙන්ම වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදය පහසු විය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළේය.

රුසියානු සංචාරකයන්ගෙන් 70% වැඩි පිරිසක් ටිකට්පත් මිලදී ගන්නෙ අවසාන මොහොතේ බැවින් විසා ගැනීමට කාලයක්‌ නොමැති වීම නිසා අපෙන් සංචාරකයන් ගිලිහිලා යාම නතර කල නොහැක.

“රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට අනුව රුසියාවේ මොස්කව් නගරයේ සිට දෙවන ගුවන්යානාව අද උදේ 06.10 සංචාරකයන් 44 ක් රැගෙන කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය.”

No comments:

Post a Comment

Post Bottom Ad