අලුත් පනතක් සම්මත නොකර මොන ක්‍රමයටවත් පළාත් සභා තියන්න බෑ! නීතිපති මතය දැනුම් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 9, 2021

අලුත් පනතක් සම්මත නොකර මොන ක්‍රමයටවත් පළාත් සභා තියන්න බෑ! නීතිපති මතය දැනුම් දෙයි!

නව පනතක් සම්මත නොකර, පැරණි ක්‍රමයට හෝ , පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව, නීතිපති මතය බව, “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත්, ඊට බාධාව මෙම නීතිමය තත්ත්වය බව සභාපතිවරයා කාරක සභා සාමාජිකයන් වෙත පෙන්වා දුන්නේය.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, එම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුව සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.

එම කාරක සභාව නියෝජනය කරන විවිධ මන්ත්‍රීවරුන් මීට පෙරද පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය යුතුයැයි කාරක සභා රැස්වීම්වලදී අදහස් පළ කර ඇති අතර, 2021.10.08 දින රැස්වීමේදීද යළි එම අදහස් ඉදිරිපත් කර තිබේ.  කාරක සභා සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී නීතිපති මතය ඉදිරිපත් කරමින්, මෙම විශේෂ කාරක සභාවේ කාර්යය, නිර්දේශ ලබාදීම මිස, නීති සැකසීම නොවන බවද සඳහන් කළේය.

නීති සැකසීම පාර්ලිමේන්තුවේ සහ පවතින රජයේ කාර්යයකි.

පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් දැනට පවතින පනත අහෝසි කළත්, නව පනතක් සම්මත කර නොගෙන, කුමන ක්‍රමයකට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව, නීතිපතිවරයා මෙම කාරක සභාවට දැනුම් දී ඇත.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කොට ඇත්තේ ලබන ජනවාරියේ පාර්ලිමේන්තුවට නව යෝජනාවක් ගෙනවිත් එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගෙන අප්‍රේල් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය.


No comments:

Post a Comment

Post Bottom Ad