නෙළුම් කුළුණේ ලයිට් පත්තු වෙද්දී තියෙන ලස්සන පාට ජන ජීවිතවල නෑ – අනුර - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

නෙළුම් කුළුණේ ලයිට් පත්තු වෙද්දී තියෙන ලස්සන පාට ජන ජීවිතවල නෑ – අනුර

නෙළුම් කුළුණ විවිධ වර්ණයෙන් බැබලුනත් ජන ජීවිත දිනෙන් දින අඳුරු කළු වර්ණයට හැරෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(8) පැවසීය.

ජන ජීවිතය සමඟ සම්බන්ධ නොවන කොන්ක්‍රීට් වනාන්තර සංවර්ධනයෙන් ජන ජීවිත උසස් නොවන බව දිගින් දිගටම පෙන්වා දී තිබෙන බව කී දිසානායක මහතා සංඛ්‍යා ලේඛන දත්ත වලින් ඔබ්බට ගොස් ආර්ථික අර්බුදය ජන ජනජීවිතයට බලපෑම් කරන්නේ කෙසේදැයි දැන්වත් සලකා බැලිය යුතුව තිබෙන බවද කීය.

2021 වසර සදහා වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවට අදාළ සභාව කල්තැබීමේ විවාදයේ දී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad