නන්නත්තාර වෙලා ඉන්නකොට මම මගේ පක්ෂෙ දුන්නා - මම දැන් එකෙන් එලවලා- පඹයො දන්නෙ නැති වුනාට ඔප්පුව තියෙන්නෙ මගෙ අතෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

නන්නත්තාර වෙලා ඉන්නකොට මම මගේ පක්ෂෙ දුන්නා - මම දැන් එකෙන් එලවලා- පඹයො දන්නෙ නැති වුනාට ඔප්පුව තියෙන්නෙ මගෙ අතෙයි


සමගි ජන බලවේගය පක්‍ෂයෙන් තමාව ඉවත් කිරීම විහිළුවක් යයි එම පක්ෂය විසින් පත් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

සමගි ජන බලවේගය පක්‍ෂය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒකාධිපතිත්වය කරා ගෙන ගොස් ඇතැයි ද කී ඇය එම පක්ෂය කෑලි කෑලි වලට කැඞී ගොස් ඇති බවද සඳහන් කරයි.
එවන් මොහොතක තමන්ට විනය පියවර ගැනීමට කතාකිරීමම විහිළුවට කාරණාවක් බව ද ඇය කියා සිටියාය.

එම පක්ෂයේ අයිතිකරුවන් වූ තමන්ට විනය පියවර ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ඇය මේ විහිළු කතා නවතා දැන්වත් විපක්ෂයේ කාර්යභාරය කරන්නැයි ඉල්ලා සිටින බවද තවදුරටත් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad