සොහොනේ සැඟ වූ ගිනි අවි ගැන ගණේමුල්ලේ සංජීව වමාරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 29, 2023

සොහොනේ සැඟ වූ ගිනි අවි ගැන ගණේමුල්ලේ සංජීව වමාරයි

රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ලේ සංජීව ලබාදුන් තොරතුරුවලට අනුව මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි කර ඇති අතර, ඒ අනුව නිට්ටඹුව පොලිසිය විසින් මෙම ගිනි අවි සොයාගෙන ඇති බව සඳහන්.

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, ජීව අත්බෝම්බ දෙකක් සහ උණ්ඩ 43 ක් සොහොන් භූමියෙන් මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගණේමුල්ල සංජීව නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලබාගත් තොරතුරුවලට අනුව මීට දෙසතියකට පෙර කඩුවෙල ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ ටී-56 ස්වයංක්‍රිය ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සොයා ගනු ලැබුවා.

ගණේමුල්ල සංජීව නමැත්තාගෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් තවදුරටත් ප්‍රශ්න කරනු ලබනවා.


No comments:

Post a Comment

Post Bottom Ad