16 හැවිරිදි දරුවෙකු ජීප් රථයක් පදවා අයෙක් මරුට - වාහන 5කට හානි - 5කට තුවාල : ACCIDENT - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

16 හැවිරිදි දරුවෙකු ජීප් රථයක් පදවා අයෙක් මරුට - වාහන 5කට හානි - 5කට තුවාල : ACCIDENT

16 හැවිරිදි දරුවෙකු ජීප් රථයක් පදවා අයෙක් මරුට

මහබාගේ, වැලිසර සුසාන භූමිය ඉදිරිපිට අද (නොවැ. 04) පෙරවරුවේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් වාහනය පැදවූ වයස අවුරුදු 16ක තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, රියැදුරුට ජීප් රථය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන මීගමුව සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ කාර් රථයක, ත්‍රීවීල් රථයක සහ යතුරු පැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවය.

මෙම රිය අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වයස අවුරුදු 51ක මහබාගය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මහබාගේ පොලිසිය ප්‍රකාශ කළේ, එක් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන අතර අනෙක් පුද්ගලයින් තිදෙනා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ය.

මෙම ජීප් රථය පැදවූ වයස අවුරුදු 16ක් වූ රියැදුරු සහ ජීප් රථයේ හිමිකරු වන රියැදුරුගේ පියා ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහබාගේ පොලිසිය සිදු කරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad