රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 28, 2021

රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…

රට පුරා ප්‍රදේශ කිහිපයක තිරිඟු පිටි හිගයක් ඇති වී තිබේ.
ප‍්‍රදේශ කිහිපයකම බේකරි හිමියන් සඳහන් කරන්නේ නමනට අවශ්‍ය ප්‍රමාණයට සැපයුම්කරුවන් පිටි සපයන්නේ නැති බවයි.

මේ හේතුවෙන් බේකරි කර්මාන්තය කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බොහෝ ඔවුන් පෙන්වා දෙති.

මේ ගැන කල විමසීමකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිෂ්පාදනය අඩාල වී ඇතත් ඉල්ලුම ඒ ආකාරයෙන්ම පවතින බවයි.

ඒ නිසා ඇති වන නිෂ්පාදන ඉල්ලුම මත භාණ්ඩ මිල ඉහළ යන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තවම අදහසක් නැති බව ද කී ඔහු පිටි සඳහා පාලන මිලක් පනවා නැති බවද සඳහන් කළේය.

පාන් ගෙඩියක් අද සිට රුපියල් 10කින් ඉහල දැමීමට බේකරිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

ආනයනය කරන ලද තිරිගු පිටි තොගයක් ඩොලර් හිගතාවය හේතුවෙන් වරායේ සිරවී තිබේ.

මේ අතර පිටකොටුව තොග වෙළඳුන් පවසන්නේ ඊයේ දිනයේ සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 17 කින් ඉහළ දමා ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad