දෙමටගොඩ රුවන්ලාගේ කෝටි 8ක තවත් සුපිරි වාහන සොයාගනී - දැනට අල්ලපු වාහනවල වටිනාකම විතරක් කෝටි 24ක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

දෙමටගොඩ රුවන්ලාගේ කෝටි 8ක තවත් සුපිරි වාහන සොයාගනී - දැනට අල්ලපු වාහනවල වටිනාකම විතරක් කෝටි 24ක්!

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 800 ක් පමණ වටිනා අධි සුඛෝගභෝගී වාහන හතරක් රහස් පොලීසියේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශණ කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.

දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මිලදී ගෙන තිබූ බව කියන ලෑන්ඩ් රෝවර් රථයක් සහ වෙසල් වර්ගයේ මෝටර් රථයක්ද දෙමටගොඩ චමින්ද නැමැත්තා ඔහුගේ බිරිදගේ නමින් මිලදී ගෙන ඇති බව කියන ලෑන්ඩ් කෘෂර් රථයක් සහ බී. එම් ඩබ්ලිව් රථයක් මෙසේ පොලිස් බාරයට ගත් බව එහි පොලිස් නිලධාරියෙක් පැවසීය.

මොවුන් දෙදෙනාම සොහොයුරෝ වෙති. දෙමටගොඩ රුවන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන කෝටි විස්සක් පමණ වටිනා අධි සුඛෝගභෝගී වාහන 06 පසුගිය 29 වැනිදා රුවන් නැමැත්තා සමගම රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad