අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා.. ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැලෙපෙන්නෙ නෑ.. අගමැති අක‍්‍රියයි - වාසු - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා.. ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැලෙපෙන්නෙ නෑ.. අගමැති අක‍්‍රියයි - වාසු

‘ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරනවා. අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගය ක. අපි ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැළපෙන්නෙ නෑ. ඉදිරියේදී සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවෙයි’ යයි ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරන්නේ ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍ය වරයා බවයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වුවත් දේශපාලනික වශයෙන් අක‍්‍රීය වී ඇති බවත් මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදු වනු ඇති බවත් ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව ද වාසුදේව නානායක්කාර මහතා එහිදී කීය.



No comments:

Post a Comment

Post Bottom Ad