ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 3, 2021

ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති!

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නතර වී සිටි ස්කොට්ලන්තයෙ ඩබල් ටී‍්‍ර හිල්ටන් හෝටලයේ දොරටුව අසලට රැස් වූ කොටි හිතවාදීන් පිරිසක් හෝටලය තුළට කඩා වැදීමට දැරූ උත්සාහය පොලිසිය විසින් වළක්වා තිබේ.

මෙම කොටි හිතවාදීන් හෝටලයේ දොරටුව අවහිර කරමින් දේශගුණික සමුළුවට සහභාගිවන විදේශ නියෝජිතයන්ට ද බාධා පමුණුවා තිබේ.

ලන්ඩන් නුවර සිට බස්රථ වලින් ග්ලාස්ගෝ නුවරට පැමිණි එම කොටි හිතවාදීන් ඩබල් ටී‍්‍ර හිල්ටන් හෝටලය වටකර සිටියදී පොලිසිය ඔවුන් විසුරුවා හැර නැත.

ග්ලාස්ගෝ නුවර ශ‍්‍රී ලාංකිකයකු ඊයේ (3දා) අප අමතමින් පැවසුවේ දේශපාලන රැුකවරණ ලබාගත් හිටපු කොටි ක‍්‍රියාකාරීන් ග්ලාස්ගෝ නුවරට පැමිණ අත්අඩංගුට ගනු, අත්අඩංගුවට ගනු යැයි කියමින් දැඩි ආවේගයකින් කෑ ගැසූ බවය.

පසුව ඔවුන් හෝටලය අසල සිටි ස්කොට් පොලිසියේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
– divaina


No comments:

Post a Comment

Post Bottom Ad