ආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා - ජනාධිපති ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 28, 2021

ආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා - ජනාධිපති ලේකම්

ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී නොසිතන අයුරින් දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වනවිටත් ඩොලර් අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් ඉතාම නරක අඩියකට වැටී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්ර සඳහන් කර ඇත.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය ධාවනය කරවන ක්‍රියාකාරකම් කිහිපයක් දැනටමත් බිඳවැටී ඇති පසුබිමක ශ්‍රි ලංකාවට නරක කලදසවක් උදා වී ඇති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ප්‍රධාන පෙළේ ජර්මානු සන්නාම ශ්‍රි ලංකාවට ගෙන්වීම පිළිබඳව පැවති උත්සවයකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වා ඇති හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරයකුද වන ආචාර්ය පී.බී ජයසුන්දර පවසන්නේ තම ජීවිත කාලය තුළ මෙවැනි අසීරු ආර්ථිකමය අවදියකට මුහුණ දී නොමැති බවය.

“කලින් රටේ වෙළඳ ශේෂය මීට පෙර වඩා හොඳ මට්ටමක පැවතුණා. සීමා පැනවීමට පෙර රට අපනයනය කළාට වඩා දෙගුණයක් ආනයනය කරමින් සිටියා. ලෝකයේ නැව් සහ භාණ්ඩ මිල දැන් ඉහළ ගිහින්. සංචාරක හා විදේශ ප්‍රේෂණ එන විට වෙළෙඳ හිඟය මසකට ඩොලර් බිලියන 10ක් වෙලා. අද වන විට රට ඩොලර් බිලියන 4ක ණය බරකට කොටුවී සිටිනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවට අතීතයේ සිය වගකීම් ඉටුකිරීමේ දුෂ්කරතා නොතිබූ බවද පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා 2020 දී ක්‍රියාත්මක කළ වෙළෙඳ සීමා හේතුවෙන් බොහෝ දෙනෙකුට අපහසුතා ඇතිවු බවද පැවසීය.

– newswallet උපුටා ගැනීමකි


No comments:

Post a Comment

Post Bottom Ad