ආණ්ඩුවට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්‍ෂි දෙන්න ඇමති විමල් සූදානම්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 3, 2021

ආණ්ඩුවට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්‍ෂි දෙන්න ඇමති විමල් සූදානම්…

යුගදනවි ගිවිසුම හා මෙරටට LNG සැපයුමේ ඒකාධිකාරය ඇමෙරිකානු සමාගමකට පැවරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සාක්ෂි දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සූදානම් බව දැනුම් දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ පැවැති විරෝධතාවයක් අතරතුර මේ බව කියා සිටියේය.

තම වෘත්තිය සන්ධානය විසින් අදාළ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බවත් එහි සාක්ෂිකරුවන් ලෙස විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමතිවරුන් කැඳවීමට ඉල්ලා ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර අමාත්‍ය විහල් වීරවංශ මහතා මෑතකදී කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ දී LNG ඒකාධිකාරය ඇමරිකාවට පැවරීමට විරුද්ධව දැඩි විරෝධය පළ කරමින් අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad