රටේ තීරණ ගැනීමේ වගකීම තරුණයන්ට පවරන්න සජිත් සූදානම් වෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 28, 2021

රටේ තීරණ ගැනීමේ වගකීම තරුණයන්ට පවරන්න සජිත් සූදානම් වෙයි! (VIDEO)

ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුල හේතුකොටගෙන බලවත් පීඩනයකට හසුව සිටින්නේ කාන්තාවන් බවත්, එම තත්වයෙන් ඔවුන් මුදවා ගැනීම සියලු පාර්ශවයන්ගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටක තීන්දු තීරණ ගැනීමේ ප්‍රමුඛතම වගකීම තරුණ පරම්පරාවට හිමිවියයුතු බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජනබලවේගය ඒ වෙනුවෙන් කැපවෙන බවද කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් යුක්ත “නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට” වැඩසටහනේ තවත් අදියරක් පිලියන්දල දී (27) පැවැත්විණි. එය සංවිධානය කළේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මැල් මහතා විසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad