ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. - හිටපු ඇමති රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 16, 2021

ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. - හිටපු ඇමති රාජිත

අද වන විට ශ්‍රී ලංකාව ඉතාම අරාජික තත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. එන වසරේ මුල වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝකය විසින් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී.

එන වසරේ සාගතයක් දෙසට රට ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම විසඳුමක් රජයට නැති බවත් කී ඔහු ජනතාව කොපමණ මිය යාවි දැයි නොදන්නා බවත් සඳහන් කළේය.

එවන් තත්ත්වයකදී ආණ්ඩුවේ නායකයන් මෙරට අතහැර තමන්ගේ රටවල් වලට පැන යනු ඇති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ නරකම ආර්ථිකයන් ඇති රටවල් වලින් දෙවැනි තැනට පත්ව ඇත්තේ ආජන්ටිනාවට පමණක් දෙවැනි වෙමින් යයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති බව කියමින් වාර්තාවක්ද පෙන්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad