ආණ්ඩුවේ 40ක් විපක්‍ෂය සමග සාකච්චා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 15, 2021

ආණ්ඩුවේ 40ක් විපක්‍ෂය සමග සාකච්චා..

අද ආණ්ඩුව තුළ අර්බුද රැසක් පැන නැගී ඇති බවත් මේ වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40 ක පමණ පිරිසක් විපක්ෂය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.

අයවැය තුනෙන් දෙකක බලය කින් සම්මත වුවද ආණ්ඩුව තුළ අර්බුදය දිනෙන් දින මෝරා යමින් ඇතැයිද ඔහු පැවසීය.

මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

ඉදිරි දින කිහිපයේදී මේ රටට බොහෝ දේ ආනයනය කිරීමට විදේශ සංචිත නොමැති තත්ත්වයට රට පත්වුණු ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඉන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරයට බවත් මාස තුන හතරකින් චිත්‍රපටය දර්ශනය ඇති වුවත් ඔහු සඳහන් කළේය

No comments:

Post a Comment

Post Bottom Ad