චීන පොහොර නැව පිටුපස කොමිස් කන්දක් - කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් හෙළිකරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 24, 2021

චීන පොහොර නැව පිටුපස කොමිස් කන්දක් - කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් හෙළිකරයි

චීන පොහොර නැව පිටුපස කොමිස් කන්දක් 
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් හෙළිකරයි

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තා වූ කාබනික පොහොර අඩංගු චීන පොහොර නැව පිටුපස කොමිස් තිබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා අනාවරණය කළේය.

එක රැයෙන් කාබනික පොහොර වලට යෑම මෝඩ තීන්දුවක් බව පැවසූ මහාචාර්යවරයා තමා ඒ තීන්දුවට මුල සිටම විරුද්ධව සිටි බවද සඳහන් කළේය.
ඊට විරුද්ධව අදහස් පළ කිරීම නිසා සමහරුන් තමා සමඟ අමනාපයෙන් පසුවූ බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද තමා සමඟ එසේ අමනාපයෙන් පසුවූ අයකු බවත් ඔහු කීවේය.

මේ අය තමාට විරුද්ධව ජනාධිපතිවරයාට කේලම් කියන්නට ඇතැයි තමා විශ්වාස කරන බවද උදිත් ජයසිංහ මහතා පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිත හොඳ පුද්ගලයකු වුවත් කලබලකාරීව වැඩ කරන අයෙකු බවද ඔහු කීය.

තමා සහ අලුත්ගමගේ මහතා අතර සමහර කරුණු සම්බන්ධයෙන් මතවාදී නොගැලපීම් ඇතිවූ බවද මහාචාර්යවරයා පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad