වෙනසකට සූදානම් වන ලෙස නත්තල් දවසේදී කාදිනල් හිමියන් රටටම පණිවුඩයක් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 24, 2021

වෙනසකට සූදානම් වන ලෙස නත්තල් දවසේදී කාදිනල් හිමියන් රටටම පණිවුඩයක් දෙයි!

රට දියුණු කිරීමට නම් සමාජ පරිවර්තනයක් හා විප්ලවීය වෙනසකට යා යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින් පැවසූහ.

පවතින ගමන් මාර්ගයේ වෙනස් කළ යුතු බව කී උන්වහන්සේ පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකි වී ඇත්තේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා යැයි ද කීහ.

නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය මෙවර තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.

සැබෑ නත්තල යනු කා බී ජොලි කිරීම නොවන බවත් ගව මඩුවේ සහ කුරුසියේ පණිවුඩය තේරුම් ගෙන එකිනෙකාට උපකාර කරගනිමින් කටයුතු කිරීම බවත් කොළඹ අගරදගුරුතුමෝ මෙහිදී පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad