ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 25, 2021

ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි…

බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කල යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය. සි.බි රත්නායක අමාත්‍යවරයා ඒ බැව් (24) දින පැවසුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහනකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්මිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කරේ ලෝක වෙලදපොලේ ඉන්ධන මිල වැඩි කිරිම සහ නැව් ගාස්තු වැඩි විම නිසා බවය.

මෙහිදි අදහස් දැක් වු ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ රසායනික පොහොර මේ වන විට මෙරටට ආනයනය කර ඇති බවයි.

ගොවින්ට සහනදායි මිලට රසායනික පොහොර ලබාදෙන බවද අමාත්‍යය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad