ටි‍්‍රලියන තුනක් අච්චු ගහලා.. රුපියල මහා පරිමාණයෙන් බිඳ වැටෙනවා… 2022දී අති උග්‍ර ආර්ථික ගැටළු..- මහ බැංකු හිටපු ලොක්කෙක් කියයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 25, 2021

ටි‍්‍රලියන තුනක් අච්චු ගහලා.. රුපියල මහා පරිමාණයෙන් බිඳ වැටෙනවා… 2022දී අති උග්‍ර ආර්ථික ගැටළු..- මහ බැංකු හිටපු ලොක්කෙක් කියයි…

එළඹෙන 2022 වසරේදී ශ්‍රී ලංකාව උග්‍ර ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත් දැනට පවතින ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව අවධාරණය කර තිබෙන්නේ මෙසේයි.

“මේ තියෙන ආර්ථික අර්බුදය 2022 අවුරුද්දේදී තව තවත් උග්‍ර වෙනවා. අපිට පෙනෙන විදිහට 2022 වසරේදී රජයේ ජාතික ආදායම වර්ධනය වීම සෘණවීම හෝ බින්දුව මට්ටමේ තියේවි. මහ බැංකුව අධික ලෙස මුදල් අච්චු ගහල මුදල් සැපයුම වැඩිවීමට ඉඩ සලස්වා තිබෙනවා. 2019 දෙසැම්බර් මාසයේ සිට 2021 ඔක්තෝම්බර් මාසය දක්වා ගතවූ කාලය තුළ මහ බැංකුව රටේ මුදල් සැපයුම රුපියල් බිලියන 3000 කින් වැඩිකර තිබෙනවා. ඒක 39% ක වැඩිවීමක්. ඒ නිසා, උද්ධමනය හිස ඔසවමින් තිබෙනවා. අපිට විදේශ විනිමය නැති නිසා 2022 වසරේදී රුපියල බිඳ වැටීම වලක්වන්න බෑ. රුපියල මහා පරිමාණයෙන් බිඳ වැටෙනවා. මේ නිසා, ලබන වසරේදී අපි අති උග්‍ර ආර්ථික, දේශපාලන, සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙනවා.“

No comments:

Post a Comment

Post Bottom Ad