තෙල් මිල වැඩි නොවේ... බිලියන 80ක ණය ගෙවන්නත් තීන්දුයි - විශේෂ කැබිනට්ටුව ගත් තීන්දු මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 22, 2022

තෙල් මිල වැඩි නොවේ... බිලියන 80ක ණය ගෙවන්නත් තීන්දුයි - විශේෂ කැබිනට්ටුව ගත් තීන්දු මෙන්න

ඉන්ධන මිල වැඩි නොකිරීමට ඊයේ සවස පැවැත්වුණු විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කොට ඇත.

“අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කළා. අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.’ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

‘මිට අමතරව විදුලි බල මණ්ඩලයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ඛනිජ තෙල් සඳහා ලබා දී ඇති රුපියල් බිලියන 80 ක ණය පියවීමට මුදල් අමාත්‍යාංශය එකඟ වුණා ” යැයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

” ජාත්‍යනතර වෙළෙදපොලේ ඉන්ධන බැරලයක මිල ඉහළ ගිහින් තිබෙනවා, නමුත් ජනතාව පත්ව සිටින තත්ත්වය සලකා බලලා ඉන්ධන මිල වැඩි නොකිරීමට තීරණය කළා” යැයි අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් එම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ කැඳවනු ලැබුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.


No comments:

Post a Comment

Post Bottom Ad